හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) වරෙන්තු නිකුත් කළා.
ඒ දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළුවීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාලවයි.
අර්ජුණ රණතුංග මහතා 2018 වසරේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී මෙම පරිශ්‍රයට පැමිණීමේ දී ඇතිවූ ගැටුමක් අතරතුර ඔහුගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවා.
The post අර්ජුනට වරෙන්තු appeared first on ITN News.
Post a Comment