Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොලිවුඩ් තරු 4ක් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත කැදවීමට සූදානම්  

Add comments

බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් හා රන්බීර් කපූර් ප්‍රශ්න කිරීමක් සදහා ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත කැදවීමට සූදානම් බව එරට මාධ්‍ය සදහන් කරනවා.

රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශනයක් ද මේ වනවිට සිදුකෙරෙනවා. ඊට අදාළව දීපිකා පදුකෝන්,  සාරා අලි ඛාන් හා ශ්‍රද්ධා කපූර් යන රංගන ශිල්පිනියන්ගෙන් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ශාරුක් ඛාන් හා රන්බීර් කපූර්ට අමතරව අර්ජුන් රාම්පාල් හා ඩීනෝ මොරයා ද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත කැදවීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

තමාට එරෙහිව එල්ලකර ඇති චෝදනාව සම්පූර්ණ අසත්‍ය හා කිසිදු පදනමකින් තොර බවයි ශාරුක් ඛාන් සදහන් කරන්නේ.

ඒ පිළිබද අවශ්‍ය නීතිමය පියවර ද ගන්නා බව ඔහු නිවේදනය කරනවා.

 

 

The post බොලිවුඩ් තරු 4ක් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත කැදවීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG