සිරියාවේ ඩැමස්කස් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීමට බලධාරීන් අද (02) පියවර ගත්තා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ රට තුළට සංචාරකයින් ඇතුළුවීම වැළැක්වීම සඳහා එරට ගුවන් තොටුපොල වසාදැමුණා. මාස හයකට පසුවයි අද (02) දිනයේ දී එය යළි විවෘත කෙරුණේ.
අද දිනයේ දී ගුවන් ගමන් තුනක් ද කයිරෝ, කුවේට් හා බේරූට් නගර වෙත සිදුකෙරුණු බව ගුවන්තොටුපොල බලධාරීන් සදහන් කළා. කෙසේ වුවද සියලුම මගීන් පනවා ඇති සෞඛ්‍ය නීති පිළිපැදිය යුතු බවයි බලධාරීන් නිවේදනය කරන්නේ.
එමෙන්ම වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වෙනත් රටවල සිරවී සිටින සිරියා ජාතිකයින් තම රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් මේ සමගම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
The post සිරියාවේ ඩැමස්කස් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment