කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
ගතවූ පැය 24 ට එරටින් හමුවූ ආසාදිතයින් අසූහයදහස් අටසිය විසිඑකත් සමගින් එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 64 කට ආසන්න වනවා. කෙසේ වුවද ආර්ථික කටයුතු සදහා නැවත වරක් රට කොටස් වශයෙන් විවෘත කිරීමට අවදානය යොමු වී ඇති බවයි රජය නිවේදනය කරන්නේ.
පසුගිය 30 වනදා සිට එරට පාසල් හා සිනමාශාලා විවෘත වූ අතර මුම්බායි නගරය තුළ රාත්‍රී අවන්හල් හා මත්පැන් වෙළෙදසැල් විවෘත කිරීමට ද අවසර හිමිව තිබෙනවා.
The post කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ මියගිය ගණන ලක්ෂයකට ආසන්නයි appeared first on ITN News.
Post a Comment