හොරොව්පතාන පහළ යාන් ඔය ව්‍යාපෘතියට අයත් වාගොල්ලාකඩ ප්‍රදේශයේ වැලි ජාවාරමක නිරත වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලි වලවල් වැසීම සදහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ලබාදුන් බලපත්‍රයක් ලග තබා ගනිමින් මහා පරිමාණයෙන් සිදුකළ වැලි ජාවාරම වැටලීමට ලක් කළේ කුරුණෑගල සහ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකායයි. ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරුවලට අනුව වැටලීම සිදු කෙරුණා. සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර වැලි ප්‍රවාහනය සදහා භාවිත කළ බැකෝ යන්ත්‍ර ඇතුළු වාහන කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනා. දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.
The post වැලි ජාවාරමක නිරත වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment