ප්‍රංශයේ ඇල්ෆ්ස් ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අතුරුදන් වූ පිරිසට සහන කණ්ඩායම් සේවකයන් දෙදෙනෙකු ද අයත් වනවා. එම ප්‍රදේශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර 500 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයාම් රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙය වසර 100 කට පසු ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය බවයි ඇල්ෆ්ස් ප්‍රදේශයේ නගරාධිපතිවරයා මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ. නායයාම් හේතුවෙන් ගම්මාන කිහිපයකටම ඇති සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
The post ඇල්ෆ්ස් ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් 9 දෙනෙකු අතුරුදන් appeared first on ITN News.
Post a Comment