රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිරකරුවෙකු තිස්සමහාරාම අධිකරණ සිරමැදිරියෙන් පලා ගොස් තිබෙනවා. සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මකයි.
කතරගම නාගාවීදියේ පදිංචි විසිතුන් හැවිරිදි සමන් ප්රියන්ත නැමැත්තා පසුගිය තිස්වනදා පොලිස් අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් මිලිග්රෑම් එක්දහස් හාරසියයක් ද සමගයි. අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔහු ලබන පහළොස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
වෙනත් වරෙන්තුවක් නිකුත් කර තිබූ තවත් නඩු දෙකක් වෙනුවෙන් ඔහු හම්බන්තොට බන්ධනාගාරයේ සිට තිස්සමහාරාම අධිකරණයට රැගෙන එනු ලැබුවා. අධිකරණ සිර මැදිරියේ සැකකරු රදවා තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා උසාවි භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරු සිර මැදිරියෙන් පැන ඔහුගේ මව සහ නැගණිය පැමිණි ත්රීරෝද රථයෙන් පළා ගොස් තිබෙනවා.
ඔහු ලුහුබැද ගිය පොලීසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවද අත්අඩංගුවෙන් මිදුනු සැකකරු යළි පළා ගිය බවයි පැවසෙන්නේ.
The post තිස්සමහාරාම අධිකරණයේදී පලාගිය සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment