සෑම පාසලකටම පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් ලබා දීමෙන් දරුවාගේ මානසික හා ශාරීරික නිරෝගීභාවය රැකගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. දිස්ත්‍රික් 5 ක පාසල් සදහා පුස්තකාල පරිත්‍යාග කරමින් ලෝක ළමා දින සැමරුමට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.
ලෝක ළමා දිනය සමරන අද සිට කියවීමේ මාසය ද ආරම්භ වුණා. අනාගත පරපුර පොතපතට නැඹුරු කරවීමේ අරමුණින් ලෝක ළමා දිනයට සමගාමී ලෙස පාසල් 5 ක දරුවන් ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමා අද පෙරවරුවේ කැදවා තිබුණා. ඔවුන්ට සංකේතාත්මක ලෙස පුස්තකාල පරිත්‍යාග කිරීමටයි රාජපක්‍ෂ මැතිතුමා කටයුතු කළේ. පුත්තලම ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ දොළොස්බාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජයකුමාරතුංග විද්‍යාලය හා ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය යන විද්‍යාල සදහා සංකේතාත්මක ලෙස පුස්තකාල පරිත්‍යාග කිරීම සිදුවුණා.
ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි මෙම පුස්තකාල සකස් කර තිබෙනවා. අංග සම්පූර්ණ එක් පුස්තකාලයක් සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වනවා. මොබිටෙල් ආයතනය ඊ පුස්තකාල පහසුකම් සපයා ඇති අතර දරුවන්ට ඊ ග්‍රන්ථ ලබා ගැනීමේ හැකියාව ද මෙමගින් සපයා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මේ සදහා අනුග්‍රහය දක්වා තිබෙනවා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ප්‍රකාශකයන් පරිත්‍යාග කළ ග්‍රන්ථ සමූහයක් ද පුස්තකාල වෙත භාර දෙනු ලැබුවා. දරුවන් සමග පොත පත පිළිබද තොරතුරු සාකච්ඡා කරමින් කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කළා.
The post ජනපති ලෝක ළමා දින සැමරුමට එක් වෙයි appeared first on ITN News.
Post a Comment