කොළොන්නාව ප්‍රදේශයේ අධි බලැති විදුලි කුළුණකට නැග විරෝධතාවක නිරතවූ පුද්ගලයෙකු දැඩි පරිශ්‍රමයක් දරා ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.
මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අධිබලැති විදුලි කුළුණට නැග විරෝධතාවක නිරතවුණා. අසල්වැසියන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුලකින් පසු වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙම විරෝධතාව ආරම්භ කළේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කෙරුණු අතර වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද හට ගෙන තිබුණා. පූජ්‍ය විටියල කවිධජ ස්වාමීන් වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා මෙම පුද්ගලයා එම කුළුණින් ඉවත් කර ගනු ලැබූ අතර පසුව ඔහු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
The post අධි බලැති විදුලි කුළුණකට නැග විරෝධය දැක්වූ පුද්ගලයෙකුට වුණු දේ.. appeared first on ITN News.
Post a Comment