Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හල්දුම්මුල්ල ජනහද ලගටම ගොස් ජනපති දුන් පො‍රොන්දුව රණවිරු දෑතින් යතාර්ථයක් වෙයි  

Add comments

අපේ රටේ  දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තමයි හල්දුම්මුල්ල කියන්නේ. ආර්ථික අතින් දුප්පත් වුණත් බලාපොරොත්තු,  අධිෂ්ටානවලින් පොහොසත් හල්දුම්මුල්ලේ මිනිස්සු හොයාගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති  සමඟ පිළිසදර වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඌව වෙල්ලස්සේ මේ ඈත කෙළවරට ගියා.

ජනාධිපතිතුමා එදා ගිහින් ලබාදුන්නු පොරොන්දු දැන් ඉටු වෙන්න පටන් අරන්.

පළමුවරට ජනපති ගම සමග පිළිසදර වැඩසටහන යටතේ හල්දුම්මුල්ල වෙලන්විට කුමාරතැන්න විද්‍යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැමිණයේ පසුගිය සැප්තැම්බර් විසි පස් වෙනිදායි. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුලු මොණරාගල දිස්ත්‍රික් සීමාවන්ට මායිම්ව පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක් ලෙස වෙලන්විට සැලකෙනවා. මෙම ගම්මානයේ සිට ආසන්නතම රජයේ කාර්යාල හා රෝහල් වෙත පැමිණීමට පැය දෙක හමාරකට අධික කාලයක් වැය වනවා. වෙලන්විට ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමාට ආරම්භයේ සිටම ජනතා ගැටළුවලට සවන් දීමට සිදුවුණා.

වැල්ලවාය බෙරගල වෙලන්විට හා අක්කර සීය ඇතුළු සියළු ගම්මානවලට ගමන් කරන මාර්ග කාපට් යොදා සංවර්ධනය කරන්නැයි ජනාධිපතිතුමා ඒ මොහොතේදීම අදාළ අංශවලට දුරකථනයෙන් උපදෙස් ලබාදුන්නා.

එදා ලබාදුන් උපදෙස් අනුව ඉතා කඩිනමින් ඊට පසුදින සිටම සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව ජනාධිපතිතුමන් පොරොන්දු වූ පරිදි මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරක්ෂ සේනා මූලස්ථානයේ මධ්‍යම ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ දියතලාව 17වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ආරම්භ කර තිබෙනවා. එමෙන්ම හල්දුම්මුල්ල  කුමාරතැන්න විද්‍යාලයට ක්‍රීඩාංගනයක් හා නව ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ද සිදුවනවා.

මේ අතර ජනාධිපතිතුමා පැමිණි දිනයට පෙර දිනයේ රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින් නිවසකට හානි සිදුව තිබුණා. ඒ පිළිබද සොයා බැලීමට ද ජනාධිපතිතුමා හල්දුම්මුල්ලට ගිය ගමනේදී අමතක කළේ නැහැ.

හානි වූ එම නිවස වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක් ඉදි කිරීමේ කටයුතු ද දැන් සිදු වනවා. ඊට ද යුද හමුදාව දායකත්වය ලබා දෙනවා.

දුෂ්කරතා මැද ජීවිත ගෙවන හල්දුම්මුල්ල මිනිස්සුන්ගේ අගහිඟකම් පිරුණු නිවහන්වල එදා ජනාධිපතිතුමා ඇවිද ගියා. ඒ අහිංසක ජීවිතවලට ජාතික ආර්ථිකයෙන් ප්‍රතිලාභ ගෙනෙන්නයි ජනාධිපතිතුමාට උවමනා වුණේ. පශ්චාත් කොරෝනා සමයක ලෝක අභියෝග මැද්දේ ජාතික ආර්ථිකයක් හදන්න පෙරමං බලන ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරීන්,  මැතිඇමතිවරුන් කැටුව හල්දුම්මුල්ලට ගියේ ගමින් ගමට පවත්වන පිළිසඳර මාලාවක පළමුවැන්න විදිහට. ප්‍රායෝගිකව හා සරලව ජන හදවතටත්,  ජන චින්තනයටත්,  ජනතා හිතවාදී රාජ්‍ය සේවයටත් එකවර අමතපු මේ චාරිකාවේ ප්‍රතිලාභ දැන් ලැබෙමින් පවතිනවා. මේ අනුව හල්දුම්මුල්ල ඉක්මණින්ම අපේ මේ පුංචි දිවයිනේ දුප්පත්ම ප්‍රදේශ නාමාවලියෙන් මැකී යනු නොඅනුමානයි.

 

 

The post හල්දුම්මුල්ල ජනහද ලගටම ගොස් ජනපති දුන් පො‍රොන්දුව රණවිරු දෑතින් යතාර්ථයක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG