ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඒකරාශී කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ නව සංගමයක් පිහිටුවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
එම මාධ්‍යවේදීන් වෙනුවෙන් ජාතික සම්මාන උලෙළක් ද පැවැත්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කිලිනොච්චියේදී ප්‍රකාශ කළේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව උතුරේ සිදු කරන සංචාරයේ දෙවන දිනය අදයි. ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ 25 වන දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු වූ අතර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් හා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.
මෙම අවස්ථාවට සමගාමීව කිලිනොච්චිය දිස්ත්‍රික් මාධ්‍යවේදී හමුවක් ද පැවැත්වුණා. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හා රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් යන මහත්වරුන් පිළිතුරු ලබාදුන්නා.
මේ අතර තිනකරන් පුවත්පතේ වඩක්කින් උදයන් විශේෂ පුවත් කලාපය එළිදැක්වීම ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී සිදුකෙරුණා.
වඩක්කින් උදයන් විශේෂ පුවත් කලාපය යාපනය විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙසේ එළිදැක්වුණේ ආරාධිත අමුත්තන් ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන්.
The post උතුරට ගිය මාධ්‍ය ඇමති කෙහෙලිය අලුත් වැඩකට සැරසෙයි appeared first on ITN News.
Post a Comment