වසරක් තුළ දිවයිනේ වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීම ඉලක්කය බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අනතුරුව ඉතිරි වැව් හා අමුණු ද ප්‍රතිසංස්කරණය කරන බවයි ඒ මහතා පවසන්නේ.
ග්‍රාමීය වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජනපතිගේ වැඩසටහන කඩිනම් කරලීම සඳහා බදවාගත් නව නිලධාරීන්ට පත්වීම් ලිපි ප්රදානය කරමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඉංජිනේරු සහකාරවරුන් අනූ දෙනෙකු සහ තාක්ෂණික සහායකයින් විසිතුන් දෙනෙකු මෙලෙස බදවා ගැණුනා.
මෙම පිරිස දිවයින පුරා ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල පනස් හතරකට අනියුක්ත කර තිබෙනවා. මොවුන් සියලු දෙනා දුෂ්කර පළාත්වල සේවය සදහා සූදානම් වියයුතු බව වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් කේ ඩී එන් සිල්වා මහතා මෙහිදී පැවසුවා.
The post අවුරුද්දකින් වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණයට ඇමති චමල් සූදානමින් appeared first on ITN News.
Post a Comment