මියගිය තල්මසුන් සියයක් පමණ නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට ගොඩගසා ඇති බව වාර්තා වනවා.
වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් තුන් දෙනෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි. තල්මසුන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. චැතම් දූපත්වල මෙවැනි සිදුවීම් බහුලව වන බවයි වාර්තා වන්නේ. 1918 වසරේ දී තල්මසුන් දහසක් පමණ මෙම දූපත්වල අතරමංවී මියගොස් ඇති බව වාර්තා වුණා.
මීට මාස දෙකකට පෙර ද ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා වෙරළ තීරයට මියගිය තල්මසුන් 380 කගේ පමණ සිරුරු ගොඩගසා තිබුණා.
The post මියගිය තල්මසුන් 100කගේ සිරුරු නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට ගොඩගසයි appeared first on ITN News.
Post a Comment