නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කළ පුද්ගලයන් 171 දෙනෙකු පී සී ආර් පරික්ෂණ සිදු කිරීමෙන් පසු සිය නිවෙස් බලා පිටත්ව ගියා.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ සාර්ථක ලෙස නිරෝධායනය නිම කළ කණ්ඩායමකුයි මෙලෙස පිටත්ව ගියේ. වව්නියාව පූන්තෝට්ටම් ප්රදේශයේ සති 2 ක කාලයක් ඔවුන් නිරෝධායනයට ලක්වුණා. කොළඹ, ගම්පහ ඇතුලු ප්රදේශ කිහිපයක පිරිස් මෙම කණ්ඩායමට අයත් වනවා. පී සී ආර් පරික්ෂණවලදී මොවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා නිවෙස් බලා යැවීමට කටයුතු කෙරුණා.
The post නිරෝධායනය අවසන් කළ 171 දෙනෙකු නිවෙස් බලා යයි appeared first on ITN News.
Post a Comment