Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 439ක් – වැඩිම පිරිස කොළඹින්  

Add comments

ඊයේ (19) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 439 දෙනෙකු හදුනා ගැණුනා.

ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් 439 දෙනා අතරට විදේශීය මුහුදු ආරක්ෂකයෙකු හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ද ඇතුළත්. ඊයේ (19) වාර්තා  වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 305 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58 දෙනෙකුද හදුනා ගැණුනා. ඒ අනුව මිනුවන්ගොඩ ඇගළුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළදසල් කොරෝනා පොකුර 15324 දක්වා ඉහළ ගියා.  එම පිරිසෙන් 9478 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18838 ක්. ඉන් 5867 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 580 ක්. ආසාදිතයින් 12903 දෙනෙකු මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ඊයේ දිනයේ දී මෙරටින් තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වුණා.  ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා. මියගිය හතර දෙනා අතුරින් එක් අයෙකු කොළඹ දහය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක පිරිමි පුද්ගලයෙක්. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගියා. කොරෝනා ආසාදනය වීමත් සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වය මෙම මරණයට හේතුවයි. වයස අවුරුදු 27 ක කාන්තාවක ද කොරෝනා වැළදීමෙන් මියගියා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැණුනා. අනතුරුව මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රෝහලේ දී මියගියා. කොරෝනා උත්සන්න වූ ඇය අක්මා රෝගී තත්ත්වයකින් පසුවුණා. කොරෝනා වැළදීමෙන් කළුතර පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59 ක කාන්තාවක ද ඇගේ නිවසේ දී මියගියා. කොරෝනා ආසාදනය වීම නිසා ඇතිවූ පපුවේ ආසාදනයක් සහ අධි රුධිර පීඩනය මරණයට හේතුවයි. කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොරෝනා වැළදීමෙන් මියගියා. ඔහු මියගොස් ඇත්තේ නිවසේදීයි. කොරෝනා ආසාදනය වීම නිසා ඇතිවූ පපුවේ ආසාදනයක් මරණයට හේතුව බවයි සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ.

මේ අතර කොරෝනා ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ පුතා ඊයේ (19) රාත්‍රී කාලයේ එම රෝහලෙන් පැන ගොස්  තිබුණා. දෙහැවිරිදි පුතා ඔවුන් පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30000 ක් පමණ තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව තිබූ තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් මගහැරී යමින් පවතින බව ව්‍යාපාරිකයින් පවසනවා. මත්ස්‍ය වෙළදාම යළි ඇරඹී ඇති අතර සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාව මසුන් මිලදී ගැනීමට එක්ව සිටින අයුරුද ස්ථාන කිහිපයකදී දැක ගත හැකිවුණා.

කළුතර ඉත්තෑපාන රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ද මානසික සුවය වෙනුවෙන් සංගීත වැඩසටහනක් සංවිධාන කර තිබුණේ එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි එම් එස් ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන්.

 

 

 

The post ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 439ක් – වැඩිම පිරිස කොළඹින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG