බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගියා.
ඇමෙරිකාව සහ ඉන්දියාව හැරුණු විට ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවූ ලොව තුන්වන රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා. ඊයේ (20) දිනය තුලදී වාර්තා වූ නව ආසාදිතයන් 37,075 සමගින් එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව හැට ලක්ෂ විසිදහස් එකසිය හැට හතරක් දක්වා ඉහළ ගියා.
ගතවූ පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 552ක් ද වාර්තා වුණා. බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ එරට කොවිඩ් මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ ගොස් තිබීම අවතක්සේරු කරමින් පසුගිය සතියේ කියා සිටියේ සියලු දෙනාම කෙදිනක හෝ මරණයට පත්වන බවයි.
The post බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment