පුත්තලම කල්පිටිය නොරොච්චෝල ප්රදේශයේ කලපු ආශ්රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 20ක් වටිනා තහනම් දැල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තහනම් දැල් භාවිත කරමින් නීතිවිරෝධී ධිවර කටයුතුවල නියැලෙන්නන් පිරිසක් පිළිබද යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යුද හමුදාව හා පුත්තලම සහකාර ධීවර පරික්ෂක කාර්යාලය එක්ව මෙම වැටලීම සිදුකළා. එහිදී නීතිවිරෝධී ධීවර කටයුතු සදහා යොදාගත් දැල් ආම්පන්න රැසක් මෙසේ අත්අඩංගුවට ගත් බවයි ධීවර නිලධාරීන් සදහන් කළේ.
ස්වාභාවික කඩොලාන ශාක පවා විනාශ කරමින් ධීවරයින් මෙම නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවුණා.
The post ලක්ෂ 20ක් වටිනා තහනම් දැල් තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment