අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්රදේශයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මංමාවත් හරහා, ගස් කඩා වැටීමෙන් ගමනාගමනය ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය විසන්ධි වීමත් සමග දහස් ගණන් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටිනවා. විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට දින ගණනාවක් ගතවනු ඇති බවටයි එරට බලධාරීන් සදහන් කරන්නේ.
ඝන අයිස් තට්ටු හේතුවෙන් නගර පිරිසිදු කිරීමේ කටයුතුවලට ද බාධා එල්ලවී තිබෙනවා. පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක්ද ප්රකාශයට පත්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්රදේශයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment