ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකය අඩාල වීමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසක් ගෙන තිබෙනවා.
නිරෝධායනය වන අයට දින දහයකට පසු PCR පරීක්ෂණ පැවැත්විය යුතුයි. එහිදී ආසාදනය වී නැති අය දින දාහතරකට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. පෞද්ගලික රෝහල් සිදු කරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.
දිස්ත්‍රික්ක අතර සංචරණය තදින් සීමා කෙරෙනවා. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට මීට පෙර මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. පවිත්‍රා වන්නි ආරච්චි , වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post කොරෝනා මර්දනය කරන්න ජනපතිගෙන් තීරණ රැසක් appeared first on ITN News.
Post a Comment