Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ වෙහෙර විහාරස්ථානවල රතන සූත්‍රය දේශනා කිරීම අඛණ්ඩව  

Add comments

කොරෝනා වයිරසයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම සදහා ආශිර්වාද පතමින් දිවයිනේ වෙහෙර විහාරස්ථානවල රතන සූත්‍රය දේශනා කිරීම මේ දිනවල සිදු කෙරෙනවා.

මිරිසවැටිය පුදබිමේදී රතනසූත්‍ර දේශනාවක් පැවැත්වුණා. ඒ අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදියි. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුනවැවේ  ඤාණතිලක ස්වාමීන්වහන්සේගේ මූලික්ත්වයෙනුයි පිංකම සංවිධාන කෙරුණේ. විශේෂ අනුශාසනාවක් කළ විහාරාධිකාරී ස්වාමීන්වහන්සේ සදහන්  කළේ කොරෝනා වසංගතය මැඩලීම සදහා කැපවූ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයටත්, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක හමුදාවන්ටත් ආශිවර්ද පළ කරන බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත දිවයිනේ වෙහෙර විහාරස්ථානවල දින 7ක් පුරා රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුවනවා. මින්නේරිය ඉසුරු සුමන විහාරස්ථානයේ රතන සූත්‍ර දේශනය විහාරාධිපති පූජ්‍ය හෙල්සිරිගම අසිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා යටතේ සිදු කෙරුණා. භික්ෂූන් වහන්සේලා රැසකගේ දායකත්වය යටතේයි රතන සූත්‍ර දේශනාව සිදු කෙරුණේ

 

The post දිවයිනේ වෙහෙර විහාරස්ථානවල රතන සූත්‍රය දේශනා කිරීම අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG