මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයාට කොවිඩ් නයින්ටීන් වැළදුනු කාලයේදීම ඔහුගේ පුත්‍රයාවන විලියම් කුමාරයාට ද කොවිඩ් නයින්ටීන් වැළදී ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා.
මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට පසුගිය අප්‍රේල් මාසයේ දී කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වුණා. විලියම් කුමරු යනු ඔටුන්නට හිමිකම් කියන පිළිවෙල අනුව දෙවන ස්ථානයේ සිටින පුද්ගලයායි. ඔහුට වයිරසය ආසාදනය වීම රහසක් වශයෙන් තබා ගැනීමට රජ පවුල කටයුතු කර තිබෙනවා. රාජකීය වෛද්‍යවරුන් විලියම් කුමරුට ප්‍රතිකාර කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔහු දින ගණනාවක් හුදෙකලා කිරීමට ද කටයුතු කෙරුණා.
The post විලියම් කුමාරයාටත් කොරෝනා appeared first on ITN News.
Post a Comment