කොරෝනා වෛරස ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් ස්වයං නිරෝධායනට යොමුකර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව කටයුතු කරමින් ඉදිරි දින කිහිපය තම නිවසේ සිට ස්වයං නිරෝධායනය හා රාජකාරි කටයුතුවල නිරත වන බව ටෙඩ්රෝස් තවදුරටත් ප්‍රකාශ කරනවා.
සෞඛ්‍ය විධිවිධාන අනුව කටයුතු කිරීම වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට හා සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට අතිශය වැදගත් කාරණාවක් වන බවයි ඔහු සඳහන් කරන්නේ. කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වන තෙක් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව වාර්තා වනවා.
The post ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං නිරෝධායනයට appeared first on ITN News.
Post a Comment