ඕස්ට්‍රේලියාවේ පැය 24 ක් තුළ කිසිදු කෝවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ පළමු දිනය මාස 5 කට පසු ඊයේ වාර්තා වුණා.
මෙලෙස එක් දිනක් තුළ කිසිදු ආසාදිතයෙකු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී නැත්තේ ජුනි 9 වන දිනට පසුවයි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවමත් වසා දමා තිබෙනවා. අඛණ්ඩව දින 112 ක් වසා දැමීමට ලක්ව ඇති වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය දින දෙක තුළදීම කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි බලධාරීන් සදහන් කරන්නේ. පසුගිය සතියේදී සිඩ්නි හා මෙල්බර්න් නගර සාමාන්‍ය ජන ජීවිතයට යළිත් වතාවක් විවෘත කෙරුණ ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තවදුරටත් වසා තැබෙන බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළේ. ඉදිරි සති කිහිපය ඇතුළත පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය තවදුරටත් සදහන් කරනවා.
The post සිඩ්නි හා මෙල්බර්න් විවෘත කළත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තවදුරටත් වසා තැබේ appeared first on ITN News.
Post a Comment