Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරද මගේ නම් දඬුවම් දෙන්න – මෛත්‍රී කොමිසමෙන් ඉල්ලයි  

Add comments

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ වෙතත් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල සියලු දෙනා වගකිවයුතු වුවද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් මේ සම්බන්ධයෙන් නොමැති බවයි ඔහු පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කළ කොමිසන් සභාවේ  සාක්ෂි ලබා දෙමින් දිගින් දිගටම සදහන් කළේ.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් අද දිනයේදී හරස් ප‍්‍රශ්න විමසීම ආරම්භ කරමින් නීතීඥ දිල්ශාන් ජයසූරිය මහතා කියා සිටියේ
නීතීඥ ප‍්‍රශ්නය – මාවනැල්ල බුදුපිළිමවලට පහරදීම, වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය වගේ සිදුවීම් වුණේ 2018 ඔබ ඇති කළ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් රට ව්‍යාකූල තත්ත්වයකට පත්වූ නිසා බව මම යෝජනා කරනවා.
මෛතී‍්‍ර පිළිතුරු – මං එය පිළිගන්නේ නෑ ස්වාමීනී. ඒක මං තනිවම ගත්ත තීරණයක් නෙවේ. ජනාධිපති නීතීඥයින්, විද්වතුන් වගේ බොහෝ දෙනෙක් එකතුවෙලා තමයි ඒ කාලේ නීති රීති ගැසට් නිවේදන හැදුවේ.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ දැන් ඔබ ඒ තීරණය ගැනීමේ වගකීමත් වෙන කෙනෙකුට පටවන්න ද හදන්නේ.
පිළිතුර – නෑ මම ගත්ත තීරණය හරියි කියන තැන මම අදත් ඉන්නවා. එ්ක දේශපාලන තීරණයක්.
ප‍්‍රශ්නය – පසුගිය වසරේ අපේ‍්‍රල් 8 වෙනිදා මෙරටට පැමිණ සිටි ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාව ඔබ මුණගැසුනේ නැහැ කියලා කොමිසම හමුවේ සාක්ෂි දීල තියෙනවා නේද?
පිළිතුර – ඔව් මං එහෙම කිව්වා. හැබැයි පස්සේ මං හොයල බලද්දි දැනගත්තා මම ඔහුව හමුවෙලා තියෙනවා කියලා.
ප‍්‍රශ්නය – දැන් ඔබ ඊයේ කිව්වනේ ඉන්දියාවට ගියේ දරුවන් කී දෙනෙක් එක්කද කියලා මතක නැහැ කියලා. ඔබ ඊයේ ගෙදර ගිහින් මතක් කරල බැලූවද දරුවන් කී දෙනෙක් එක්කද ඔබ ඉන්දියාවට ගියේ කියලා.
පිළිතුර – ඔව් මම ගෙදර ගිහින් මතක්කලා. මට මතක් වුණා මාත් එක්ක දරුවන් තුන්දෙනාම ගියා කියලා
ප‍්‍රශ්නය – දැන් ඔය කිය 2019 අප්‍රෙල් 08 වනදා උදෑසන ඔබතුමා පවත්වල තියෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හමුවක්. එ් වෙනකොට රාජ්‍ය බුද්ධිසේවයේ නිලන්ත ජයවර්ධන අප්‍රෙල් 4 විදෙස් බුද්ධි තොරතුර පිළිබදව දැනගෙන ඉදල තියෙනවා. හැබැයි එ් අවස්ථාවේදීවත් නිලන්ත ජයවර්ධන මහතා එම තොරතුර

පිළිබදව ඔබට දැනුම් නොදීම රාජකාරිය පැහැර හැරීමක් කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර – ඒක රාජකාරිය පැහැරහැරීමක් කියලා කියන්න බැහැ. අනික මේ ප‍්‍රහාර වළක්වා නොගැනීම සහ මට එ් පිළිබද දැනුම් නොදීම පිළිබදව එක්කෙනෙකුට විතරක් වරද පවරන්න මං පැකිලෙනවා.
ප‍්‍රශ්නය – එහෙමනම් ඔබ කියන්නේ මේ ප‍්‍රහාරය වළක්වා නොගැනීමට දඩුවම් කරනවා නම් වගකිව යුතු බොහෝ දෙනෙකුට දඩුවම් කළ යුතුයි කියන එක නේද? එහෙනම් මේකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය විතරක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අසාධාරණ නැද්ද ජනාධිපතිතුමා
පිළිතුර – ඔව් එහෙම වෙන්නත් පුළුවන්
ප‍්‍රශ්නය – එ්ක අසාධාරණයි කියලා ඔබට හිතෙනව නම් ඇයි මලල්ගොඩ කමිටු වාර්තාව එන්නත් කලින් හේමසිරියි, පූජිතයි මේ සිද්ධියට වගකියන්න ඕනේ කියලා ප‍්‍රසිද්ධියේ හංවඩු ගැහුවේ.
පිළිතුර – ඒ කමිටු වාර්තායි මම කළ ප‍්‍රකාශයි අතර කිසිදු සම්බන්ධයක් නැහැ. මම එහෙම කළේ ප‍්‍රහාරයෙන් පස්සේ පැවති ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡුා වුණු කරුණු අනුවයි.

ප‍්‍රශ්නය – මම යෝජනා කරනවා ඔබ මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාට දෝශාරෝපණය නොකරන්නේ ඔබ විදෙස් ගතවීමට පෙර මෙවැනි ප‍්‍රහාරයක් පිළිබදව ඔහු ඔබව දැනුවත්කර තිබූ නිසා කියලා. ඒ හින්දා ඔබ උත්සාහ කරන්නේ ඔහුට වගකීමක් පවරන්නේ නැතුව ඒ තුළින් ඔබත් මේ සිද්ධියෙන් මිදෙන්න කියලා මං යෝජනා කරනවා.
පිළිතුර – ඒක මං සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා ස්වාමීනී. මං එහෙම දැනගෙන ගියානම් මං රටින් පැනල ගියා වෙන්න ඕනේ. මම ඒ ගැන දැනගෙන හිටිය නම් අවශ්‍ය පියවර ගන්නේ නැතිව රටින් පිටවෙලා යන්නේ නැහැ.
ප‍්‍රශ්නය – හරි මදූෂ්ව ඇල්ලීමේ ප‍්‍රසංශාව ජනාධිපතිවරයා හැටියට ඔබ ගත්තනේ. අන්න ඒවගේ තමන්ගේ පාලන කාලයේ සිදුවුණු මෙවැනි සිදුවීම්වල වගකීමත් ඔබ ගන්න ඕනේ. එහෙම නේද?
පිළිතුර- මම එහෙම ප‍්‍රසංශාවක් ගන්නේ නැහැ. මට ලැබෙන්නේම අපහාසයන්. තවදුරටත් මං කියන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වශයෙන් මට වගකියන්න බැහැ.
ප‍්‍රශ්නය – හදිසියෙවත් මේ සම්බන්ධ පරික්ෂණයකින් ඔබ වැරදිකාරයා කියලා ඔප්පු වුනොත් ඔබට එරෙහිව පියවරක් ගැනීමට අසාධාරණ නැහැ නේද? ඔව් එහෙම ඔප්පු වෙනවනම් අසාධාරණ නැහැ.
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සාක්ෂි ලබාදීමෙන් පසුව පිටව යාමේදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබා දුන්නා

The post වරද මගේ නම් දඬුවම් දෙන්න – මෛත්‍රී කොමිසමෙන් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG