Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පාලනය කර ගන්න මහනුවර පාසල් හෙට සිට තාවකාලිකව වැසේ  

Add comments

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට ලබන 04 වනදා දක්වා වසා තැබෙනවා. එම පාසැල් සංඛ්‍යාව 45 ක්.

මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ගැටලු ඇත්නම් සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසදා ගත යුතු බව පොලීසිය පවසනවා. සමූහයක්  ලෙස රැස්වීම් පැවැත්වීම හෝ උද්ඝෝෂණය කිරීම් තුළින් තවත් ආසාදිතයින් බිහිවිය හැකි බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

පොලිස් බලප්‍රදේශ 18 ක් මේ වන විට හුදෙකලා කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ලවීදිය යන පොලිස් බල ප්‍රදේශ ඊට අයත්. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කැලණිය යන පොලිස් බලප්‍රදේශ ද හුදෙකලා කර තිබෙනවා. නිවෙස්වලම රැදී සිටින ලෙසයි පොලීසිය මෙම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.  එසේ ක්‍රියාකිරීමෙන් ඉක්මනින් හුදෙකලා බවින් නිදහස් විය හැකි බවද පොලීසිය දැනුම් දෙනවා.

 

 

 

 

The post කොරෝනා පාලනය කර ගන්න මහනුවර පාසල් හෙට සිට තාවකාලිකව වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG