Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු – නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු අතිශය අවදානම් – ධීවරයෙකුත් මරුට  

Add comments

නිවාර් චණ්ඩ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වෙමින් තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එහි බලපෑම හේතුවන් ඉදිරි පැය 24 තුළ උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවටයි එම දෙපාර්තමේන්තුව අනතුරුව අඟවන්නේ.

උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ රළු වන අතර මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන වෙරළාසන්න ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකියි. ඒ සමඟ මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වූවන් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යායුතුයි. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලදී ද වඩාත් අවධානයෙන් පසුවිය යුතු වනවා. ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. නැගෙනහිර උතුර සහ උතුර මැද පළාත්වලටද තද වැසි සමඟ ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සෙසු පළාත්වලද විටින් විට තද සුළං සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර රජයේ අනතුරු ඇඟවීම් නොතකමින් අද පෙරවරුවේ ත්‍රිකුණාමලය තිරිකඩවූර් ධීවර තොටුපොලෙන් මුහුදුගිය යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. එහිදී ත්‍රිකුණාමලය හර්දාස්වත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ධීවරයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. යාත්‍රාවේ ධීවරයන් 4 දෙනෙකු මුහුදු ගොස් ඇති අතර මුහුද රළු වීමත් සමඟ යාත්‍රාව අනතුරට ලක්වුණා. සුළු තුවාල ලැබූ සෙසු ධීවරයන් තුන් දෙනා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

The post උතුරු – නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු අතිශය අවදානම් – ධීවරයෙකුත් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG