ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් සහ ආර්ජන්ටිනා හමුදා අතර ගැටුම් උත්සන්න වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් ඩියේගෝ මැරඩෝනාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිස් බුවනෝස් අයර්ස් නුවර වෙත පැමිණෙමින් සිටිනවා. මේ වනවිට එරට ජනාධිපති නිල නිවසේ තැන්පත් කර ඇති දේහය මහජන ගෞරවය සදහා රිය පෙරහැරකින් බුවනෝස් අයර්ස් නගරය පුරා රැගෙන යාමටයි කටයුතු කර තිබෙන්නේ.
පැමිණෙමින් සිටින පිරිස් පාලනය කර ගැනීමේ අරමුණින් මැරඩෝනාගේ දේහය රැගත් රථය නගර පුරා සංචාරය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මේ හේතුවෙන් ආර්ජන්ටිනා පොලිසිය සහ මැරඩෝනාගේ රසිකයින් අතර ගැටුම් හටගත් බවයි වාර්තා වනවා. මැරඩෝනාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
The post මැරඩෝනාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් සහ ආර්ජන්ටිනා හමුදා අතර ගැටුම් appeared first on ITN News.
Post a Comment