ගොවි සංශෝධන පනතට එරෙහි ඉන්දියාවේ විරෝධතා උත්සන්න වී තිබෙනවා.
විරෝධතාකරුවන් දිල්ලි අගනුවරට පිවිසෙන ස්ථානයේ රැස්ව කලහකාරී ලෙස හැසිරීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගත් බවයි වාර්තා වන්නේ. ගොවීන් පනස්දහසක් පමණ විරෝධතා සදහා එක්ව සිටිනවා.
බාධක යොදා මාර්ග දිල්ලි අගනුවරට ඇතුළුවීමට නොහැකිවන පරිදි කර තිබූ අවහිරතා බිද දමමින් විරෝධතාකරුවන් නගරයට ඇතුළුවීමට උත්සාහ දරණ බවයි වාර්තා වන්නේ.
ඔවුන් මර්දනය සදහා කදුලු ගෑස් සහ ජල ප්රහාර එල්ලකිරීමට එරට පොලීසිය කටයුතු කළා.
The post ගොවි සංශෝධන පනතට එරෙහි ඉන්දියාවේ විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment