Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැටිකලෝ කැම්පස් රජයට පවරා ගන්නවා – අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්  

Add comments

දැඩි ආන්දෝලනාත්මක කතාබහකට ලක් වු නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙනයාමට කිසිදු ආකාරයකින් ඉඩනොතබන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අදාළ ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා,

”මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරේ ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ශරියා නීතිය හෝ මොකක් වුණත් අපි හොයලා බලනවා. විෂයේ නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි. ඉහත ආයතනය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය, උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නෑ. පැහැදිළිවම ඒක මේ පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නෑ. අපි පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නෑ.” 

2021 අයවැය කාරක සභා විවාදයේ සිව්වන දිනය වන අද විවාදයට ගැනෙන්නේ ධීවර, වැවිලි සහ ඉඩම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.

 

The post බැටිකලෝ කැම්පස් රජයට පවරා ගන්නවා – අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG