Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ජනපති මෛත‍්‍රීපාල ජනපති කොමිසම හමුවේ ගොතන ලද සාක්ෂි දී ඇති බවට චෝදනා  

Add comments

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ගොතන ලද සාක්ෂි රැසක් ලබා දී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරුන් ඊයේ ජනාධිපති කොමිසමට යෝජනා කර සිටියා.

ඔවුන් ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ පාස්කු ප‍්‍රහාරය පිළිබදව තමන් පෙර දැනුවත් නොවූ බවට සහ ප‍්‍රහාරයේ සිදුවන අවස්ථාවේ සිංගප්පුරුවේ රැුදී සිටියේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට යැයි හිටපු ජනාධිපතිවරයා ලබා දුන් සාක්ෂි සම්පුර්ණෙන්ම අසත්‍ය බවයි. කෙසේ වෙතත් මෙම සෑම යෝජනාවක්ම හිටපු ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ හත්වන දිනටත් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබා දුන් අතර එහිදි වගඋත්තරකාර පාර්ශ්ව හරස් ප‍්‍රශ්න විමසීම සිදු කළා. හිටපු පොලිස්පතිවරයා නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විමසා සිටියේ පාස්කු ප‍්‍රහාරය එල්ල වු දින ප‍්‍රහාරයෙන් පසු කඩිනමින් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණීමට UL 307, UL 303 සහ UL 309 යන ගුවන් ගමන් වාර 03ක් තිබියදීත් එම කිසිදු ගුවන් ගමන් වාරයක් භාවිතා නොකර පෙර සැලසුම් කළ ගුවන් ගමන් වාරයේම මෙරටට පැමිණියේ මන්ද යන්නයි.
හිටපු ජනාධිපතිවරයා –
”ගුවන් ගමන් වාර කීයක් තියෙනවාද, ඒවා එන යන වෙලාවල් ජනාධිපති කෙනෙක් හැටියට මම දන්නේ නැහැ. මම කරන්නේ නිලධාරීන් මට වෙලාව කිව්වම එතනට යන එක විතරයි. අනික ප‍්‍රතිකාර කරපු වෛද්‍යවරයා මට එන්නතක් දුන්නට පස්සේ පැය 24 ක් යනකල් ගුවන් ගමන් තහනම් කරලයි තිබ්බේ. එහෙම තියෙද්දිත් පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය නොසලකායි මම යළි දිවයිනට ආවේ. මේක බලාපොරොත්තු නොවූ ඛේදවාචකයක්. ඒ නිසා එයින් ඇතිවුණු වේදනාව ශක්තියක් කරගනිමින් තමයි මම ප‍්‍රහාරය එල්ල වු දින මධ්‍යම රාත‍්‍රීයේම ලංකාවට ආවේ. ” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා නියෝජනය කරමින් නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හරස් ප‍්‍රශ්න විමසීම ආරම්භ කළා.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා –
” හිටපු ජනාධිපතිතුමා, මේ ප‍්‍රහාරය මුළු මහත් ශ‍්‍රී ලංකාවට වගේම ඔබටත් ඔබේ පවුලටත් විශාල බලපෑමක් එල්ල කළා නේද ? ඔබේ පුතාගේ වෙඩින් එක ගන්න තිබුණේ ෂැන්ග‍්‍රීලා හෝටලයේදිනේ. මේ ප‍්‍රහාරය නිසා වෙඩින් එක හිල්ටන් හෝටලයේදී ගන්න වුණා කියලා මම යෝජනා කළොත් ඔබ එය පිළිගන්නවාද ?

” ඔව් ස්වාමිනි, එසේය ” යැයි හිටපු ජනාධිපතිවරයා එම යෝජනාව පිළිගත්තා.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා –
” දැන් ඔබතුමා සාක්ෂිදීමේදි කියා සිටියානේ අපේ‍්‍රල් 20/ 21 ඔබතුමා දුරකතන ඇමතුමක් හා සම්බන්ධ වීමටත් නොහැකි තරමේ අපහසුතාවයකින් හිටියේ කියලා. දැන් ඔච්චරම අසාධ්‍ය රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගන්න ගිය ඔබතුමා ඇයි 16 ලංකාවෙන් පිටත් වෙලා කෙළින්ම සිංගප්පුරුවේ නොයා ඉන්දියාවේ තිරුපති වන්දනාවට ගියේ? යැයි නීතිඥවරයා එවර විමසා සිටියා.
හිටපු ජනාධිපතිවරයා – ස්වාමිනි මම දන්න කාලේ ඉදලා තිරුපති යනවා. ඉතිං මේකත් මම වාර්ෂිකව යන වන්දනා ගමනක් විදිහටයි ගියේ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
නීතිඥවරයා – 16 වෙනිදා ගුවන් තොටුපළෙන් පිටත් වෙද්දි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔබතුමා මේ කොමිසම හමුවේ මීට පෙර කිව්වා. අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. ඒ නිසා ප‍්‍රතිකාර ගන්නයි ගියේ කියලා. නමුත් මම ඔබට යෝජනා කරනවා සිංගප්පුරුවට යන්න කළින් තිරුපති ගිය ඔබතුමාට බරපතල අසාධ්‍ය තත්ත්වයක් තිබුණේ නැහැ. ඔබතුමා වාර්ෂිකව සිදුකරන පරික්ෂණ ටිකක් කරගන්නයි සිංගප්පුරුවට ගියේ කියලා. කෙළින්ම කිව්වොත් රෝගී තත්ත්වයක් තිබුණේ නැහැ නිරෝගීව ඉන්නවද කියලා බලන්නයි ගියේ කියලා.
එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ” නැහැ එහෙම නෙමේ. පරීක්ෂණ කරන්න ගියා ඊට පස්සේ ප‍්‍රතිකාර කළා” යැයි සදහන් කළා.”
නීතිඥවරයා – හරි එහෙනම් හිටපු ජනාධිපතිතුමනි ඔබතුමා මට කියන්නකෝ ඔබ සිංගප්පුරුවට ගිහින් නැවතුනේ මොන හෝටලයේද කියලා. රිච්ස් කාල්ටන් හෝටලයේද නැත්තම් මරිනා බේ සෑන්ඞ් හෝටලයේදැයි නීතිඥවරයා හිටපු ජනාධිපතිතුමාගෙන් විමසා සිටියා.
හිටපු ජනාධිපතිවරයා – ”අම්බෝ, ඒ මොකක්ද ඒ. ඔය මරිනා බේ සෑන් කිව්වේ අර කණු දෙකක් උඩ තියෙන නැවක් වගේ එක නේද, අම්බෝ ඒකේ ඉන්න පුළුවන්ද අපි වගේ අයට. මම හිතන්නේ නැහැ ලංකාවේ කාටවත් ඒ වගේ එකක නැවතිලා ඉන්න පුළුවන් කියලා. ඒක මේ කැසිනෝ වගේ දේවල් වලට මහා ප‍්‍රසිද්ධ හෝටලයක්නේ. මම නම් හිටියේ පොඩි හෝටලයක. මට ඒකේ නමනම් මතක නැහැ ” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.”
නීතිඥවරයා – ඔබතුමා පොඩි හෝටලයක හිටියයි කිව්වට මරිනා බේ සෑන්ඞ් හෝටලය ගැනත් ගොඩාක් දේවල් දන්නවා නේදැයි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා යම් සිනහවක් සම`ග විමසා සිටියා.” අහ් එක ඉතිං සාමාන්‍ය දැනීම” යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී සදහන් කළා. එහිදි නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයා වෙත මෙවැනි ප‍්‍රශ්නයක් යොමු කළා.”
නීතිඥවරයා – හරි දැන් ඔබතුමා ඔය සිංගප්පුරුවේ නැවතිලා ඉදපු දවස් හතර තුළ ඔබතුමාගේ කණ්ඩායම සම`ග නොගිය, ලංකාවේ ඉදලා කෙළින්ම සිංගප්පුරුවට ගිය කවුරුහරි ඔබතුමාව හම්බවෙන්න ආවද? එහිදි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ” නැහැ මට එවැනි කවුරුත් ආවයි කියලා මතක නැහැ යනුවෙන්.
නීතිඥවරයා – ” මම ආයෙත් අහනවා. ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ දිව්රුම් පිටයි හිටපු ජනාධිපතිතුමනි, ඔබ සිංගප්පුරුවේ රැුදී සිටි දින කිහිපය තුළදි මෙරටින් ගිය හිටපු අමාත්‍යවරයෙක්, ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක් ඔබව හමුවීමට ආවද? නීතිඥවරයා යළිත් ප‍්‍රශ්න කළා.
හිටපු ජනාධිපතිවරයා – සිංගප්පුරුව කියන්නේ ට‍්‍රාන්ස්සිට් වෙන තැනක්. ඉතිං වෙන ගමනක් යන ගමන් කවුරුහරි මාව හම්බුණාද කියලා මට මතක නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. හිටපු ජනාධිපතිතුමනි, ප‍්‍රහාරය සිදුවුනු දිනවල මාධ්‍ය වාර්තා පළවුණා ඔබ ගියේ ප‍්‍රතිකාර ගන්න නෙමේ විනෝද චාරිකාවක් කියලා. ඔබ මෙතෙක් ඒ මතය ප‍්‍රතික්ෂේප කරලා නැහැ නේදැයි නීතිඥවරයා යළිත් විමසුවා. එහිදි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මාධ්‍ය වාර්තා පළවෙන එක මට පාලනය කරන්න බැහැනේ යන්නයි. ”
නීතිඥවරයා – හරි එහෙනම් මේක කියන්න. ඔබතුමා සිංගප්පුරුවට ගිහින් ප‍්‍රතිකාර ගන්න කළින් අපේ‍්‍රල් 18 මව්න්ට් එළිසබෙත් රෝහලට ගිහින් වෛද්‍යවරුන් හමුවීමට කාලයක් වෙන්කර ගත්තා කිව්වනේ. එහෙනම් ඔබතුමාට මේ කොමිසමට ඉදිරිපත් කරන්න පුළුවන්ද එලෙස වෛද්‍යවරුන් හමුවීමට මුදල් ගෙවලා කාලය වෙන් කරද්දි ලබා දුන්න රිසිට් පතක්, නැත්තම් ඔබට මොන වගේ පරික්ෂණද කරන්න ඕනේ කියලා වෛද්‍යවරුන් නිර්දේශ කළ ලේඛනයක් ” යැයි නීතිඥවරයා ප‍්‍රශ්න කළා.
හිටපු ජනාධිපතිවරයා –
එම වෛද්‍යවරුන් හමුවීමේ කාලයන් වෙන්කිරීම් කළේ මම නෙමේනේ. ඒවා කළේ තනාපති කාර්යාලයේ නිලධාරින්. ඒ නිසා මං ළඟ එවැනි ලේඛන කිසිවක් නැහැ. මම ජනාධිපති කොමිසමට දුන්න ගොනුවේ තියෙන්නෙත් මගේ වෛද්ය වාර්තා විතරයි. අනික රටක ජනාධිපතිවරයෙක් ගිහින් ප‍්‍රතිකාර ගද්දි මුදල් ගෙවලා වෙන්කර ගැනීම් කරන්නේ නැහැ. තනාපති නිලධාරින් මැදිහත්වෙලා වෙන්කර ගැනීම් කරලා පසුව මුදල් දෙනවා. මාත් එක්ක 18 වෙනිදා සිංගප්පුරුවේ සිටි මෙරට තනාපතිවරියත් රෝහලට ගියා යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. ”
නීතිඥවරයා –
හරි එකත් එහෙමයි කියමුකෝ. දැන් පසුව හරි මුදල් ගෙව්වා වෙන්න එපැයි. රෝහලෙන් ඔබතුමාට නොමිලේ ප‍්‍රතිකාර කරන්නේ නැහැනේ. අවම වශයෙන් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලට මුදල් ගෙව්ව රිස්ට් එකක් හරි ඔබතුමා ළඟ තියෙනවාදැයි නීතිඥවරයා යළිත් ප‍්‍රශ්න කළා. නැහැ එහෙම මුකුත් මං ළඟ නැහැ. එහෙම රිසිට් හම්බුනත් ඒවා ළඟ තියාගන්නේ නැහැනේ යැයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේ විවෘත කොමිසම ඇමතු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතාට ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා විසින් කොමිසමට ලබා දුන් වෛද්‍ය වාර්තා ඇතුළත් ගොනුව තුළ අපේ‍්‍රල් 18 වන දිනට අදාළ යම් ලේඛනයක් ඇති බව කොමිසම් සභාව නිරික්ෂණය කරන බවයි. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය වෙනත් පැතිකඩකට යොමු කරමින් නීතිඥ දිල්ශාන් ජයසූරිය මහතා විමසුවේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද කිසිදු පාර්ශවයක් ඔබව පෙර දැනුවත් නොකළා යන මතයේ තවදුරටත් සිටින්නේද යන්නයි. එයට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,
හිටපු ජනාධිපතිවරයා –
” ඔව් ස්වාමිනි, ප‍්‍රහාරයට පෙර ලැබී තිබුණු බුද්ධි තොරතුර මට කවුරුන් හෝ දැනුම් දුන්නා නම් එය වැලැක්වීමට ගතහැකි සෑම පියවරක්ම මම ගන්නවා යැයි ” හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. ”
නීතිඥවරයා –
ඔබ එහෙම කිව්වට මේ කොමිසම හමුවේ මේ වන විටත් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. පාස්කු ප‍්‍රහාරයට පෙර දින එනම් අපේ‍්‍රල් 20 ප.ව 6.16 සහ පාස්කු ප‍්‍රහාරය එල්ල වු දින ප‍්‍රහාරයට පෙර පෙ.ව 7.59 ට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකතන ඇමතුම් ලබා දීලා තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් තාක්ෂණික සාක්ෂි පවා ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දිත් ඔබ තවදුරටත් කියන්නේ ප‍්‍රහාරය පිළිබ`ද ඔබව කිසිදු පෙර දැනුවත් කිරීමක් කළේ නැහැ කියන එකද ” යැයි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා ප‍්‍රශ්න කළා.”
හිටපු ජනාධිපතිවරයා –
ඔව් කුමන සාක්ෂි තිබුනත් මම පිළිගන්නේ නැහැ. මොකද මට කිසිවෙකුත් මේ ගැන පෙර දැනුවත් කළේ නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා යළි යළිත් පිළිතුරු දුන්නා.
අටවන දිනටත් සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවට මේ වන විට පැමිණ සිටිනවා.

 

 

The post හිටපු ජනපති මෛත‍්‍රීපාල ජනපති කොමිසම හමුවේ ගොතන ලද සාක්ෂි දී ඇති බවට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG