දැනට ක්‍රියාත්මක සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘති කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චිනය එකග වුණා.
ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසියේදී මෙම එකගතාව පළ වුණා. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මහතා මෙම අන්තර්ජාල සැසියේ මුලසුන හෙබවූවා.
මෙම සැසියේදී දෙරටේ වෙළෙදාම හා ආයෝජන ඉහළ නැංවීම සදහා ද එකගතා පළ වුණා. දෙරට අතර උපාය මාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ද මෙහිදී හදුනා ගැනුණා.
The post දැනට ක්‍රියාත්මක සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘති කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය එකඟවෙයි appeared first on ITN News.
Post a Comment