Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයට  

Add comments

සුප්‍රකට ඇමෙරිකා ව්‍යාපාරික ඉලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 4 වන ස්ථානයේ පසුවූ ඔහු පෙරේදා දිනයේදී එහි තුන්වන ස්ථානය දක්වා පැමිණියා.මේ වන විට ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලයන 128 ක් වනවා.

ලොව වටිනාකමින් වැඩිම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන Tesla හා SpaceX සමාගම්වල හිමිකාරිත්වය දරන්නේ ඔහුයි. ඉලෝන්ගේ හිමිකාරීත්වයෙන් යුතු SpaceX සමාගමේ  මූලික පරමාර්ථය ලෙසයි සැලකෙන්නේ අගහරු ග්‍රහයා මත ජනාවාස ඇති කිරීමයි. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු නාසා ආයතනය සමඟ එක්ව සම්පාදනය කරමින් සිටිනවා. මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 3 වන ස්ථානය මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස්ට හිමිව ඇති අතර 1 වන ස්ථානය ඇමසන් සමාගමේ ප්‍රධානී ජෙෆ් බේසෝස්ටයි. ඔවුන් සතු වත්කම් ප්‍රමාණය පිළිවෙළින් ඇමෙරිකා ඩොලර් බිලයන 118 ක් හා 183 ක් ලෙසයි දැක්වෙන්නේ.

 

 

 

The post ඉලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG