ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ජෝ බයිඩ්න් තම විදේශ ප්‍රතිපත්ති කණ්ඩායමේ හා ජාතික ආරක්ෂක අංශයේ තනතුරු කිහිපයක් නම් කර තිබෙනවා.
ජෝ බයිඩ්න්ගේ විදේශ ප්‍රතිපත්ති කණ්ඩායමේ ප්‍රධානියා ලෙස එනම් ඇමෙරිකා මීළග රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනී බ්ලින්කන්ව පත් කර ඇති බවයි වාර්තා වන්නේ. එරට අභ්‍යන්තර ආරක්ෂක කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඇලෙජැන්ඩෝ මයෝර්කාස්ව පත් කර තිබෙනවා. ඇමෙරිකා ඉතිහාසයේ පළමුවරට එරට ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ තනතුරට කාන්තාවක් පත් කිරීමට බයිඩ්න් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන කාලය තුළ ඇමෙරිකාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ කටයුතු කළ අයව්රිල් හේන්ස් ජාතික බුද්ධි අධ්‍යක්ෂ තනතුරට පත් කර තිබෙනවා. ජේක් සුලිවන් ජාතික ආරක්ෂක උපදේශක තනතුරටද,ලින්ඩා තෝමස් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඇමෙරිකා නියෝජිතයා ලෙස ද හිටපු රාජ්‍ය ලේකම්වරයකු වන ජෝන් කෙරී ජෝ බයිඩ්න්ගේ කාලගුණ කටයුතු පිළිබද විශේෂ නියෝජිතයා ලෙස ද පත්කර ඇති බවයි ජෝ බයිඩ්න් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
The post ජෝ බයිඩ්න් තම විදේශ ප්‍රතිපත්ති කණ්ඩායමේ හා ජාතික ආරක්ෂක අංශයේ තනතුරු කිහිපයක් නම් කරයි appeared first on ITN News.
Post a Comment