සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා චීන රජයේ නව ශ්‍රී ලංකා තානාපති කී ෂෙන්හොන් ( Qi Zhenhong ) මහතා අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය හා දැනට රටවල් දෙකෙහි පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ශ්‍රි ලංකාවේ පවතින කොවිඩ්- 19 වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ වෙළඳ කටයුතු පිළිබඳ කොන්සල්වරයා වන ලී ගුවන්ජුන් ( Li Guangjum ) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
The post චීන නව ශ්‍රී ලංකා තානාපති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි හමුවෙයි appeared first on ITN News.
Post a Comment