ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම හා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට වසරක් පිරීම නිමිති කර ගනිමින් ගල්කිස්ස වෙරළාශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.
ගල්කිස්ස ආශ්රිත මුහුදේ නොගැඹුරු සමුද්‍ර තීරය පිරිසිදු කිරීම ද මෙහිදී සිදු වූ බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ළහදපුර මහත්මිය සදහන් කළේ. ප්ලාස්ටික්, පොලිතින් ඇතුලු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙහිදී ඉවත් කෙරුණා. දර්ශනී ළහදපුර මහත්මිය සදහන් කළේ රට අභ්‍යන්තරයේ සිට ගලා එන ගංගා 103 ක් හරහා මුහුදු තීරයට අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පැමිණෙන බවයි. නාවික හමුදාවේ කිමිදුම් අංශයට අයත් බෝට්ටු 4 ක් ද මේ සදහා එක්කර ගැනුණා.
The post ගල්කිස්ස ආශ්රිත මුහුදේ නොගැඹුරු සමුද්‍ර තීරය පිරිසිඳු කෙරේ appeared first on ITN News.
Post a Comment