නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය අවම වූ පළමු උදෑසන ලෙස අද වාර්තා වුණා. ඒ වසර 17 කට පසුවයි.
දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 යි දශම 3 ක් ලෙසයි අද උදෑසන වාර්තා වුණේ. දිල්ලි අගනුවරින් ඊයේ දහවල් කාලයේදී වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 යි දශම 2 ක් වන අතර මෙම මාසයේ දිවා කාලයේදී වාර්තා වූ අඩුම උෂ්ණත්වය ද එය බව ඉන්දීය කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ශීත කාලය එළඹීමට පෙර උෂ්ණත්වය මෙලෙස පහත බැසීමට නිශ්චිත හේතුවක් සදහන් කළ නොහැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. පසුගිය වසරේදී දිල්ලි අගනුවරින් වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11 යි දශම 5 ක් ලෙස දැක්වෙන අතර 2017 වසරේදී එය සෙල්සියස් අංශය 7 යි දශම 6 ක්. දිල්ලි අගනුවර අඩුම උෂ්ණත්වය 1938 වසරේ නොවැම්බර් 28 වන දින වාර්තා වී ඇති අතර එහි අගය සෙල්සියස් අංශක 3 යි දශම 9 ක්.
The post නොවැම්බර් මාසයේදී දිල්ලි නුවර උෂ්ණත්වය අවම වූ පළමු උදෑසන ලෙස අද වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment