Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද ගැටුම් හේතුවෙන් 2005 සිට මේ දක්වා මිය ගිය ඇෆ්ගනිස්ථාන දරුවන් සංඛ්‍යාව 26000 ක්  

Add comments

2005 වසරේ සිට මේ දක්වා යුද ගැටුම් හේතුවෙන් මිය ගිය ඇෆ්ගනිස්ථාන දරුවන් සංඛ්‍යාව 26000 ක් බව නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

2005 වසරේ සිට 2019 වසර දක්වා යුද ගැටුම් හා ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ඇෆ්ගනිස්ථාන දරුවන් විසිහයදහස් විසි පහක් මිය ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.  ඒ අනුව එක්දිනකට දරුවන් 05 දෙනෙකු වත් මිය යාමේ සාමාන්‍ය අගයක් ගෙන තිබෙනවා. ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් ත්‍රස්ත කණ්ඩායම් හා ඇෆ්ගනිස්ථාන රජය අතර සාම සාකච්ඡා පැවැත්වුණද සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ අගයකයි පවතින්නේ. එක්සත් ජාතීන්ගේ නවතම දත්ත වාර්තා අනුව ළමුන්ට වාසය කිරීමට භයානක රටවල් 11 අතරට ඇෆ්ගනිස්ථානය ද අයත් වනවා.

 

 

The post යුද ගැටුම් හේතුවෙන් 2005 සිට මේ දක්වා මිය ගිය ඇෆ්ගනිස්ථාන දරුවන් සංඛ්‍යාව 26000 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG