Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදා බැලූ Covid එන්නත 70 %ක් සාර්ථකයි  

Add comments

කොරෝනා වෛරසයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදා බලන එන්නත සියයට 70 ක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරනවා.

ෆයිසර් හා මොඩර්නා සමාගම් නිෂ්පාදනය කරන කොරෝනා වෛරසයට එරෙහි එන්නත් සියයට 95 ක සාර්ථකත්වයක් අත්කරගෙන තිබියදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කරන එන්නත සියයට 70 ක සාර්ථකත්වයක් පමණක් හිමිකර ගැනීම කණගාටුදායක බවයි පර්යේෂකයින් සදහන් කරන්නේ. කෙසේ වුව ද එම එන්නත අනෙකුත් එන්නත් දෙක හා සැසදීමේදී ගබඩා කිරීම, ප්‍රවාහනය හා මිල අතින් ලාභදායී වනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය එන්නත සියයට 90 ක සාර්ථකත්වයක් දක්වා වැඩිදියුණු කළ හැකි බවටයි පර්යේෂකයින් අනාවැකි පළ කරන්නේ. මෙම තත්ත්වය යටතේ වුව ද ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලැබුණහොත් භාවිත කළ හැකිවනවා.

 

 

 

 

 

 

The post ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අත්හදා බැලූ Covid එන්නත 70 %ක් සාර්ථකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG