Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේදී ‘කිරි’ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපෘතියක් අරඹයි  

Add comments

යුද හමුදාව සතු ක්‍රීඩාංගන හා ක්‍රීඩාගාර මෙන්ම අනෙකුත් යටිතල පහසුකම් පාසැල් සිසුන් සදහා ලබාදීමේ ක්‍රමවේදයක්  මේ වන විට සකස් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේ ක්‍රීඩකයින් වෙනුවෙන් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සදහා යුද හමුදාව විශාල දායකත්වයක් ලබා දෙන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී පැවසුවේ.

මෙම කදවුරු සංකීර්ණයේ යෝගට් හා කිරි මිශ්‍ර ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරුණා.ඉතා ගුණාත්මකව හා සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවනු ලබන මෙම නිෂ්පාදනයන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ පිහිටා ඇති සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ සුභසාධක වෙළඳසැල් වෙතද නුදුරේදී බෙදාහැරීමට අපේක්‍ෂා කෙරේ. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ලබාදුන් උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනුජා ජයවීර මහත්මියගේ අධීක්ෂණය මත ක්‍රියාවට නැංවූ මෙම නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරිම සදහා බටහිර පළාත් කිරි සංවර්ධන මණ්ඩලයේ අංශ ප්‍රධානි ආචාර්ය දේවිකා ගමගේ මහත්මියගේ ද දායකත්වය හිමි විය.

 

 

 

 

 

 

 

The post ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේදී ‘කිරි’ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපෘතියක් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG