Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිරිසිදු කෙරේ  

Add comments

සංචාරක ආකර්ෂණයක් සහිත වෙරළ තීරය හා ඊට අදාළ නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සදහා මූලිකත්වය ගෙන සිටිනවා.

දිවයින වටා වෙරළ තීරයේ දිග කිලෝමීටර 1700 ක්. රට අභ්‍යන්තරයේ සිට ගංගා 103 ක් මුහුදට ගලා බසිනවා.  මුහුදට එක්වන කැළි කසලවලින් සියයට 80 ක්ම පැමිණෙන්නේ මෙම ගංගා හරහා බවයි පරිසරවේදීන් පවසන්නේ. මෙම අපද්‍රව්‍ය සාගර කලාපයේ මීටර 15 ක් පමණ ගොඩගැසෙනවා. එය මත්ස්‍යයින්ගේ අභිජනන ක්‍රියාවලියට ද බලපෑම් එල්ල කරනවා.

මේ අනුව ගල්කිස්ස වෙරළ තීරයේ සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ජලය යට අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා. නාවික සැතපුම් දෙකකට ආසන්න ප්‍රමාණයක මුහුදු ජලය යට පිරිසිදු කිරිමේ කටයුතු සිදු කෙරුණේ නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ මූලිකත්වයෙන්.

 

 

 

The post අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිරිසිදු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG