Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පහේ හපනුන්ගේ ඉහළම හපනුන්ට රූපවාහිනී මහගෙදරින් හරසර  

Add comments

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු දෙසීයෙන් දෙසීයම ලබාගත් සිසුන් සහ විශේෂ අවශ්‍යතා සහිතව ලකුණු අනූ නවයක් ලබාගත් සිසුවා ඇගයීමේ වැඩසටහනක් ස්වාධීන රූපවාහිනි මැදිරි සංකීර්ණයේදී පැවැත්වුණා.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට මූලිකත්වය දෙමින් දරුවන් මැදිරි වලට කැදවා ගෙන ඒමටයි කටයුතු කෙරුණේ. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ සංකල්පයට අනුව ශිෂ්‍යත්ව හපනුන් ඇගයීම සිදු කෙරුණා. ස්මාර්ට් ෆයිව්, මනුෂ්‍යත්වයේ සත්කාරය සහ අයිටීඑන් ටෙලිවිෂන් ඉස්කෝලේ යන වැඩසටහන් ත්‍රිත්වයේ එකමුතුවෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දරුවන් ඇගයීමේ වැඩසටහන  සංවිධාන කෙරුණා. විභාගයේදී ලකුණු දෙසීයෙන් දෙසීයක් ලබාගත් දරුවන් දස දෙනා සහ විශේෂ අවශ්‍යතා සහිතව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු අනූ නවයක් ලබා ගත් කරගම්පිටියේ විජය විද්‍යාලයේ රමල් ක්‍රිස්ටෝපර් දරුවා ද මෙම වැඩසටහනට එක් කර ගැණුනා.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ ආගමික අනුශාසක පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් මෙම දරුවන් සදහා රුපියල් හතලිස් දහස බැගින් වූ මූල්‍ය පරිත්‍යාග සිදු කෙරුණා. මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපතිවරයා ඇතුළු සිංහල සහ චීන බෞද්ධ දානපතියන් ඊට අනුග්‍රහය දැක්වූවා. ලංකා බැංකුව මගින් රුපියල් පනස් දහස බැගින් වූ මූල්‍ය ත්‍යාග  ද සමනල දැනුම පුවත් පත මගින් රුපියල් දස දහසක් බැගින් වටිනා ත්‍යාග කට්ටල ද දරුවන් වෙත ලබා දීමටයි පියවර ගෙන තිබුණේ. ඩී එස් අයි සමාගම සහ සරසවි පොත් මැදුරෙන්ද දරුවන් වෙත තිළිණ වව්චර් පත් පිළිගැන්වීම සිදු කෙරුණා. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරංජිත්,මරදාන සහීරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර්, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහාරා යෙත්මිනි ඈපා, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි තිලකරත්න, රත්නපුර  ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා, දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ  තේනුජ මනුමිත බණ්ඩාර, තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිදු කවිශාන් වීරසිංහ, බණ්ඩාරගම ජාතික පාසලේ හිනුද සස්මිත ගුණතිලක,  අකුරැස්ස හේවගේ සිහත් සන්දිනු යන සිසුන් මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු දෙසීයෙන් දෙසීයම ලබාගත්තා. ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ වැඩසටහන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද පස්වරු දොලහයි තිහේ සිට විකාශය වීමට නියමිතයි.

 

 

The post පහේ හපනුන්ගේ ඉහළම හපනුන්ට රූපවාහිනී මහගෙදරින් හරසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG