Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෛත්‍රී මට පිටට පෙන්නපු මෛත්‍රීය ඇතුළෙ තිබ්බේ නෑ – පූජිත් කොමිසමේදී කියයි  

Add comments

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මාධ්‍ය ඉවත්කර රහස්‍ය ප්‍රකාශයක් ලබාදුන්නා.

ජයසුන්දර මහතා ඊයේ සාක්ෂි ලබාදුන්නේ දාහතර වන දිනටයි. ඊයේ දිනයෙන් ඔහුගේ සාක්ෂි විමසීම අවසන් කළා.

ඉතා සංවේදී වෙමින් ‘‘ස්වාමීනී මේ ප‍්‍රහාරයෙන් පස්සේ මමයි හිටපු ආරක්ෂක ලේකම්වරයායි මාස 4කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වෙලා හිටියා. මේ කාලයේදී තමයි මගේ එකම පුතාගේ විවාහ මංගල්‍ය සිදුවුණේ. ගංගාරාම පන්සලේ තිබුණු ආගමික වතාවත්වලට යන්නවත් මට ඉඩදුන්නේ නැහැ. ‘‘ යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ කියා සිටියා.

ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ” ජයසුන්දර මහත්මයා ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා, 2018 වසරේ ආරම්භය වෙනකොට ඔබ හා හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර සුහද සබදතාවක් තිබුණේ නැහැ කියලා. දැන් මේ මම පෙන්වන වීඩියෝ දර්ශනයේ තියෙන්නේ 2018 වසරේ අගෝස්තු මාසයේ ඇතිවූ සිද්ධියක්. ” යනුවෙන් ප‍්‍රකාශ කළා. ඊට පිළිතුරු දුන් හිටපු පොලිස්පතිවරයා ” ස්වාමීනී ඔය පොළොන්නරුවේ එළිමහන් ව්‍යායාම් ස්ථානයක් විවෘත කළ අවස්ථාවක්. බාහිිරින් බලද්දී එහෙම පෙනෙනවා. නමුත් අභ්‍යන්තර තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මං ගැන තිබ්බ වැරදි අවබෝධය නිසා එතුමා සම`ග ලොකු අවුලකින් හිටියේ.” යනුවෙන් කියා සිටියා.

‘‘දැන් ඔබ ප‍්‍රකාශ කළා 2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පස්සෙ පාස්කු ප‍්‍රහාරයෙන් පසු දිනය වෙනකන් හිටපු ජනාධිපතිරයා ඔබව ආරක්‍ෂක කවුන්සිලයට කැඳෙව්වෙ නැහැ කියලා’’ යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා නියෝජනය කළ ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා විමසා සිටියා. ඊට පිළිතුරු දුන් ජයසුන්දර මහතා ‘‘හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයනෙ කොමිසමේදි සාක්‍ෂි දෙනකොට කිවුවේ මම වෙනුවට එ් වෙනකොට සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්මයව ආරක්‍ෂක කවුන්සිලයට කැඳෙවුවා කියලා. නමුත් රවී සෙනෙවිරත්න මහත්මය මේ කොමිසමේ දී සාක්‍ෂි දෙද්දී මම දැනගත්තෙ එතුමව කැඳවල තියෙන්නෙත් එක දවසයි කියලා. එ්ත් විමර්ශනයක ප‍්‍රගතිය ගැන අහන්න’’ යනුවෙන් සාක්‍ෂි ලබාදුන්නා.

”මේක තෝරගත්ත පිරිසක් ඉලක්ක කරගත් කුමන්ත‍්‍රණයක්. මම දන්න සහ පසුව සොයාගත්ත ඇතැම් කරුණු තියෙනවා මෙතෙක් නොකියපු.” යනුවෙන් කියා සිටියා. අනතුරුව මාධ්‍යවේදීන් ඉවත්කර හිටපු පොලිස්පතිවරයාට සිය ප‍්‍රකාශය කිරීමට ඉඩ ලබා දුන්නා. එහිදී ඔහු විනාඩි 40ක පමණ කාලයක් රහසිගත ප‍්‍රකාශයක් ලබාදුන්නා.

The post මෛත්‍රී මට පිටට පෙන්නපු මෛත්‍රීය ඇතුළෙ තිබ්බේ නෑ – පූජිත් කොමිසමේදී කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG