වනජීවී නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර ඇති වූ ගැටළුවේදී නිලධාරීන්ට කිසිදු අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බව අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා. ගල්ගමුවේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අලිවැට සක්‍රිය කිරීමට අමතරව ප්‍රජා සංවිධානවල සහාය ලබා ගනිමින් එය නඩත්තු කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු කළ බව අමාත්‍යවරයා සදහන් කළා.
මේ අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩ වර්ජනයක නිතර වූ වනජිවී නිලධාරීන් එය අවසන් කර අද (28) සිට යළි තම රාජකාරී අරඹා තිබුණා. ඒ අනුව සියලු වනෝද්‍යානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි වනජීවී නිලධාරීන් සදහන් කළේ.
The post වනජිවී නිලධාරීන් වර්ජනය අවසන් කරයි appeared first on ITN News.
Post a Comment