Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියාවේ වාර්ගික ගැටුම් හේතුවෙන් සුඩානයට පළා යන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට  

Add comments

ඉතියෝපියාවේ හටගෙන ඇති වාර්ගික ගැටුම් හේතුවෙන් සුඩානය වෙත පළා යන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

පසුගිය නොවැම්බර් 4 වන දින ඉතියෝපියාවේ හටගත් ගැටුම් හේතුවෙන් සිය ගණනක පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එම සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවද සහන කණ්ඩායම් සදහන් කරනවා. මේ වන විට තිස්දහසක පමණ පිරිසක් ගැටුම්වලින් බේරීම සඳහා සුඩානය වෙත පැමිණ ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරන්නේ. සංක්‍රමණිකයන් ලක්ෂ දෙකක පමණ පිරිසක් තමා බලාපොරොත්තු වන බවද එම සංවිධානය පවසනවා.

 

 

 

 

The post ඉතියෝපියාවේ වාර්ගික ගැටුම් හේතුවෙන් සුඩානයට පළා යන සංක්‍රමණිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG