Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නතට උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාරයක්  

Add comments

ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නතට උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ති‌බෙනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගත් එන්නත් සංවර්ධනය කරන ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ සමාගම වෙත සයිබර්  ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ලින්ක්ඩ් ඉන් සහ වට්ස්ඇප් මාර්ගයෙන් රැකියා ලබාදෙන්නන් ලෙස පෙනී සිටිමින් උතුරු කොරියා හැකර්වරුන් ඇස්ට්‍රා සෙනෙකා කාර්ය මණ්ඩලය සමග සම්බන්ධවී තිබෙනවා. එහිදී සැකකටයුතු හැකර්වරු රුසියානු ඊ‌ මේල් භාවිත කරමින් ලිපි පවා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

රැකියා විස්තරයක් ලෙස සැලකෙන මෙම තොරතුරු හා ඒවායෙහි කේතයන් භාවිත කරමින් මෙසේ විස්තර ලබාදෙන අයගේ පරිගණක වලට ඇතුළුවීමට හැකර්වරුන් ක්‍රියාකර තිබෙනවා.

කෙසේ වුවත් හැකර්වරුන්හට සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

 

 

The post ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නතට උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG