පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය කිසියම් විදෙස් කණ්ඩායමක මෙහෙයවීම මත සිදුවූ කුමන්ත්‍රණයක් බවට තමන් තුළ සැකයක් මතුවී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ අවසන් වරට ඊයේ සාක්ෂි ලබාදුන්නා. හිටපු ජනාධිපතිවරයා නියෝජනය කළ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රශ්න කරමින් ‘‘ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් නොවීම සම්බන්ධයෙන් ඔබතුමාට බරපතල චෝදනා එල්ල වුණා’’ යනුවෙන් ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ‘‘ජාතික ආරක්ෂක කවුන්සිලය කියන්නේ ව්‍යවස්ථාපිත නෛතික ආයතනයක් නෙමෙයි. හදිසි නීතිය යටතේ පමණයි ආරක්ෂක කවුන්සිලය රැස් කරන්න පුළුවන්. හදිසි නීතිය ඉවත් කළොත් ආරක්ෂක කවුන්සිලය රැස් කරන්න ප්‍රතිපාදන පවා නැතිවෙනවා’’ යනුවෙන් කියා සිටියා. ‘‘සහරාන් හෂීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටි ත්‍රස්ත විමර්ශන එ්කකයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව, ඔබතුමා ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක්දැයි’’ කොමිසමේ සාමාජික විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී විමසා සිටියා. ‘‘ඒ ගැන මගෙ දැනුම අල්පයි. මාව ඝාතනය කරන්න සැළසුම් කළා කියන සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලූවක ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නේ’’ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නා. ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරමින් රිදීතැන්න, විහාරගොඩැල්ල ආදී ප්‍රදේශවල ඇති වූ අන්තවාදී සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්න නොහැකි වූයේ කුමක් නිසාදැයි ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ‘‘මගේ පාලන කාලයෙන් අවුරුදු හතරක්ම නීතිය හා සාමය අමාත්‍යාංශය මෙහෙයවූයේ ද්වීපාර්ශ්වික ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය. ‘‘ඒ කාලය තුළ බුද්ධි නිලධාරීන් සිරගත කළා. බුද්ධි අංශ දුර්වල කළා. එ් නිසා බුද්ධි අංශ මන්දෝත්සාහී වුණා. මට තව දෙයක් කියන්න ඕනේ. මේ රටේ කාටවත් ආණ්ඩුවක් කරගෙන යන්න බැහැ මුස්ලිම් ජනතාවගේ සහාය නැතුව’’ යනුවෙන් පැවසුවා.
The post පාස්කු ප්‍රහාරය විදෙස් කුමන්ත්‍රණයක් බවට තමන් තුළ සැකයක් මතුවී ඇතැයි මෛත්‍රී පාස්කු කොමිසමට කියයි appeared first on ITN News.
Post a Comment