මෙරටට කෘෂි අධ්‍යාපනය හා කෘෂි තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය එකගතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේයි මෙම එකගතාව පළ කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර හමුව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු වුණා. කෘෂි ක්ෂේත්‍රයට අදාළ ඇසුම්කරණ, කල්තබා ගැනීමේ සෞඛ්‍යාරක්ෂිත තාක්ෂණය, ගබඩාකරණය හා අනෙකුත් සේවාවන් රැසකට උසස් තාක්ෂණය යෙදවීම අතින් ලොව ප්‍රමුඛතාව හිමි වන්නේ නෙදර්ලන්තයටයි. ඔවුන් සතු එම දැනුම හා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නෙදර්ලන්ත තානාපතිවරියගෙන් ඉල්ලා සිටියා. එම සියලු සහාය නොමිලේ ලබාදෙන බවයි තානාපතිවරිය ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කෘෂි ක්ෂේත්‍රයට නගාසිටුවීමට ගන්නා පියවර තානාපතිවරියගේ ඇඟයීමට ලක් වුණා.
The post මෙරටට කෘෂි අධ්‍යාපනය හා කෘෂි තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්තය එකඟ වෙයි appeared first on ITN News.
Post a Comment