බලවත් රටක් මෙරට තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීම සදහා සිය නියෝජිතයින් හරහා දියත් කළ කුමන්ත්‍රණයක් ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හදුන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සමාජය තුළින් කෙතරම් චෝදනා එල්ල වුවද තමා හෝ තම සහොදරයන් කිසිදු දිනක සහරාන් හෂීම් හමුවී නොමැති බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා ඊයේ දෙවන දිනටත් සාක්ෂි දුන්නේ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ සිට Skype තාක්ෂණය ඔස්සේයි.
එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පළමුව විමසා සිටියේ,
” තුර්කියේ තහනම් සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයේ සමාජිකයින් මෙරට තුල ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන බවට වු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයක් අත්හිටුවලා තියෙනවා. ඒ ෆෙටෝ සමාජිකයන් සමග මෙරට කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සම්බන්ධ යැයි අනාවරණය විම නිසා. කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන අකාරයට ඉන් එක් අයෙක් ඔබ. ඔබ කුමන හෝ අවස්ථාවක එම විමර්ශන කෙරෙහි බලපෑම් කළාද ” යන්නයි.
” ස්වාමිනි එය අසත්‍යක්. තුර්කියේ කිසිදු පුද්ගලයෙකු හෝ සංවිධානයක් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. මම බලපෑම් කළෙත් නැහැ. ” යැයි මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය වැඩිදුටටත් විමසා සිටියේ මුස්ලීම් කාන්තාවන් බුර්කාව සහ නිකාබය ඇදීම කෙරෙහි ඔබේ මතය කුමක්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් බදියුදින් මන්ත්‍රීවරයා කියා සිටියේ ” යම් පුද්ගලයෙකුගේ ඇදුම් සම්බන්ධයෙන් තවත් කෙනෙකුට බලපෑම් කරන්න බැහැ. ප්රජාතන්ත්රවාදී රටක එක සිදුවිය නොයුත්තක්. දැන් මේ කොරෝනා කාලයේ ඕනතරම් මුළු ශරිරයම වසන් යන්නේ. අනික සහරාන් ඇතුළු 08 දෙනාම බෝම්බ පිපිරුවේ බුර්කාව ඇදන් නෙමේනේ. ඉස්ලාම් ධර්මයේ කිසිදු ඉගැන්වීමක් නැහැ මුළු ඇගම වසාගෙන යන්න ඕනේ කියලා. ආරක්ෂක අංශ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිකාබය, බුර්කාව තහනම් කරන්න පියවරක් ගත්තොත් අපි එකට විරුද්ධ වෙන්නේ නැහැ ” යනුවෙන්.
ඉන් අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකු විමසා සිටියේ ඔබේ කැනඩාවේ පදිංචි සහෝදරියට අයත් නිවසක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ආරක්ෂිත නිවසක් ලෙස භාවිතා කළ බව ඔබ දැනුවත්ද යන්නයි.
” ඒක කුලි පදනමටයි ලබා දී තිබුණේ. බෝම්බකරුවන් රැදී සිටි බව මම දන්නේ ප්‍රහාරයෙන් පස්සේ ” යැයි බදියුදින් මහතා පැවසුවා.
යම් අවස්ථාවක ඔබේ සහෝදර රියාජ් බදියුදින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණාදැයි සභාපති විනිසුරුවරයා යළි විමසීමක් කළා.
” ඔව්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන වලට අදාළව ඔහුව අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය හරහා විකාශය වුනේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ් මගේ සහෝදරයාට දුරකතන ඇමතුම් 07 ක් අරන් තියෙනවා කියලා. මම දින හරියට දන්නේ නැහැ. කොහොම හරි පාස්කු ප්‍රහාරයට පෙර 2019 වර්ෂයේදි තමයි අරන් තියෙන්නේ. මම ඇහුවා ඇයි ඉන්සාෆ් කතා කළේ කියලා මගේ සහෝදරයාගෙන් ඔහු කිව්වේ රජය විසින් තඹ අපනයනය නැවැත්වීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලන්නයි කතා කළේ කියලා. මම දන්නේ නැහැ අවස්ථා 07ම කතා කළේ එකටද කියලා. එත් ඒ Call 7 ම ඉන්සාෆ් තමයි මගේ මල්ලිට අරන් තිබුණේ ” යැයි බදියුදින් මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කළා.
” ඔබ ඔබේ සාක්ෂිය තුළදි කිව්වට ඉන්සාෆ් අහමඩ්ට තඹ ගන්න උපකාර නොකළා කියලා, අනිත් ආයතන වලට වඩා ඊබ්‍රාහිම් පුතාගේ සමාගමට කිලෝ 25,000 ක් වගේ විශාල ප්‍රමාණයෙන් තඹ නිකුත්වෙලා තියෙන පසුබිමක, ඉන්සාෆ්ගේ විවාහයට අත්සන් කළ ඔබ සෘජුව නොවුනත් වක්‍රව ඔවුන්ට සහය දුන්නා කියලා මේ වෙද්දි හෙළිදරව් වෙලා තියෙනවා කියලා මම කිව්වොත් ඔබ මොකද කියන්නේ යැයි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයෙක් මෙහිදි ප්‍රශ්නයක් යොමු කළා.
එක මම සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා. වගකීමෙන් කියන්නේ මම කිසිම ඊබ්‍රාහිම් සහෝදරයෙක්ට උදව් කරලා නැහැ යැයි බදියුදින් මන්ත්‍රීවරයා එයට පිළිතුරු දුන්නා.
එහිදි මන්ත්‍රීවරයා වෙත ප්‍රශ්නයක් යොමුකළ කොමිසමේ සමාජික විශ්‍රාමික මහාධිකරණය විනිසුරුවරයා,
” මන්ත්‍රීතුමා මේ ඔබ සහරාන්ව හදුනනවාදැයි ” ප්‍රශ්න කළා.
නැහැ. මම අහලාවත් නැහැ. මම ඔහු ගැන දන්නේ මේ ප්‍රහාරයෙන් පස්සෙව් යැයි රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා පිළිතුරුදුන්නා.
ඔබතුමා නොදන්නවා කිව්වට ඔබතුමාගේ සහෝදරයෝ දෙන්නානම් සහරාන්ව හොදට දන්නනා නේදැයි විශ්‍රාමික විනිසුරුවරයා පෙරළා විමසුවා.
නැහැ. ඔවුන් දන්නෙත් නැහැ. මම දෙන්නාගෙන්ම ඇහුවා නැහැ කියනවා යැයි මන්ත්‍රීවරයා පැවසුවා.
” දැන් බදියුදින් මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වනේ එල්.ටී.ටී.ඊ සංවිධානය ඔබතුමන්ලාව උතුරෙන් පිටමං කළාට පස්සේ ඔබතුමා අවුරුදු 05 ක් අනාථ කදවුරක හිටියා කියලා. එහෙම හිටපු ඔබතුමා දේශපාලනයට ඇවිල්ලා මෙච්චර ධනවතෙක් වුණේ කොහොමද ? යැයි අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළා.
” අනාථ වුණා කියලා හිගාකන්න ඕනේ නැහැනේ ස්වාමිනි. මට ව්‍යාපාර කරන්න පුළුවන්නේ යැයි මන්ත්‍රීවරයා තරමක් උස් හඩින් පිළිතුරු දුන්නා.
අභියාචනාධිකරණය විනිසුරුවරයා පෙරළා විමසුවේ මන්ත්‍රීතුමා මම අහන්නේ ඔබ ඔය වගේ ධනය රැස්කර ගන්න, ඔබේ සහ පවුලේ අයගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබේ අමාත්‍යධුරයන් වල වරප්‍රසාද සහ අමාත්‍යාංශය භාවිතා කළා නේද ? යන්නයි.
නැහැ මම කිසිම විදිහකින් එවැනි වරප්‍රසාද ව්‍යාපාර වල දියුණුවට භාවිතා කරලා නැහැ. මම 2001 ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දි හැම අවුරුද්දකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා යැයි මන්ත්‍රීවරයා එවර කියා සිටියා.
එහිදි අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් විමසුවේ,
” මන්ත්‍රීතුමා මේ අහන්නකෝ. දැන් ඔබතුමා මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් දුන්නානේ ඔබට තියෙන ඉඩම්, දේපල, වත්කම් ගැන. ඉතිං ඒවා බැලු බැල්මට පේනවා සමාන්‍ය පුද්ගලයෙකුට වඩා ධනවතෙකු බව පෙන්වන වත්කම් ඔබට තියෙනවා කියලා. ඔබතුමා වංචා කළා කියලා මම කියන්නේ නැහැ. හැබැයි මම අහන්නේ අනාථ කදවුරක ඉදලා ආපු ඔබතුමා කොහොමද මෙච්චර ධනයක් උපයා ගත්තේ කියලා. ” යනුවෙන්.
” එහිදි යම් ආවේගයකින් පිළිතුරු දුන් රිෂාඩ් බදියුදින් මන්ත්‍රීතුමා මෙලෙස පැවසුවා.
” මේකයි, පාස්කු ඉරිදා ප්‍රහාරයයි අතර කිසිම සම්බන්ධයක් නැහැනේ ස්වාමිනි. මගේ චරිතය ඝාතනය කරන්නම් ඔබතුමා ඔය අහන ඒවා හොදයි. එක නිසා මම කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන සොයන්න. ප්‍රහාරයට අදාළව TID නිලධාරියෙක් සාක්ෂි දිලා තිබ්බා සහරාන් ප්‍රහාරය කරන්න හේතු වුණ කරුණු 13 ක් කිව්වා කියලා. අන්න ඒ ගැන සොයන්න. අර ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රකාශ හේතු වුණා කිව්වේ ඒ ගැන සොයන්න. මම කියන්නේ
මේ ප්‍රහාරය බලවත් රටක් මෙරට තුළට තමන්ගේ නියෝජිතයන් යොදවලා ඒ හරහා මේ රටේ අන්තවාදය ව්‍යාප්ත කිරීම සදහා දියත් කරපු කුමන්ත්‍රණයක් ” ඒ නිසා අන්න ඒ දේවල් ගැන මේ කොමිසම කරුණු සොයයි කියලා මම බලාපොරොත්තුවෙනවා යැයි බදියුදින් මන්ත්‍රීවරයා සදහන් කළා.
The post තමා හෝ තම සහොදරයන් කිසි දිනක සහරාන් හමුවී නොමැති බව රිෂාඩ් පාස්කු කොමිසමේදී කියයි appeared first on ITN News.
Post a Comment