මාර්ග සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට අද මුල්ගල් තැබුණා. ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීම තුළින් දක්ෂින අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට කඹුරුපිටිය, හක්මන, තිහගොඩ, දෙයියන්දර, හා මුලටියන යන නගරවලට මාතර හක්මන ප්‍රධාන මාර්ගය ඔස්සේ පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබෙනවා. මාස හයක් වැනි කාලයක් තුළ එහි වැඩ කටයුතු අවසන් කර ජනතාවට තිළිණ කිරීම අරමුණයි.
ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන තුන්සිය අසූ හතකට අධික වනවා. කතා නායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක්වුණා.
The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට මුල්ගල තැබේ appeared first on ITN News.
Post a Comment