ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් පරාජයට පත්වුවද 2016 වසරට වඩා වැඩි සුළු ජාතික ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත්ව ඇති බව විදෙස් විශ්ලේෂකයින් සදහන් කරනවා.
ඒ අනුව කළු ජාතිකයින්ගෙන් සියයට හයක් හා ලතින් ඇමෙරිකා ජනතාවගෙන් සියයට පහක ඡන්ද වැඩි වීමක් ට්‍රම්ප් හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජාතිවාදී හා මුස්ලිම් විරෝධි ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සුළු ජාතීන්ගේ ඡන්ද හිමිවීම ඉතාමත් අවම මට්ටමක පවතිනු ඇති බවටයි අනාවැකි පළ කෙරුණේ. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කණ්ඩායම ගොනු කළ නඩුවක් නිෂ්ප්‍රභ කිරීමට පෙන්සිල්වේනියා අධිකරණයක් කටයුතු කළා. තැපැල් මගින් ලැබුණු ඡන්ද මිලියන සංඛ්‍යාවක් අවලංගු කරන ලෙස ඉල්ලමිනුයි මෙම නඩුව ගොනු කර තිබුණේ. නඩුව විභාගයට ගත් විනිසුරු මැතිව් බ්‍රෑන් සදහන් කළේ ට්‍රම්ප්ගේ නීතිඥයන් ගොනු කර ඇති කරුණු තහවුරු කිරීම සදහා කිසිදු සාක්ෂියක් නොමැති බවයි. නඩුව නිෂ්ප්‍රභ වීමත් සමග ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය නිසැක වුණා. පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජෝ බයිඩ්න් වැඩි ඡන්ද අසූ දහසකින් පමණ ජය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. සියලු ප්‍රාන්තවල ඡන්ද විමසීම් නිරාකරණය වීමෙන් පසු ජෝ බයිඩ්න් ට කොන්ග්‍රසයේ ආසන තුන්සිය හයකුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ට දෙසීය තිස් දෙකකුත් වශයෙන් ජනාධිපතිවරණය තීරණය වනු ඇති.
The post පැරදුණු ට්‍රම්ප් දිනපු ඡන්දෙට වඩා සුළු ජාතික ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනී appeared first on ITN News.
Post a Comment